02. අනස් ඉබ්නු නල්ර් රලියල්ලාහු අන්හු තුමාගේ වීර මරණය

අනස් ඉබ්නු නල්ර් රලියල්ලාහු අන්හු තුමා "බද්ර්" සටනට සහභාගී වීමට අවස්ථාවක් නොලත් සහාබිවරයෙකි. මේ නිසා ඔහු තම මනස බලා " නුඹ ඉස්ලාමයේ ශ්‍රේෂ්ඨ වූ පළමු සටනට සහභගී නොවුණි. යනුවෙන් තමන්ටම නින්දා කර ගනිමින් දුකින් පසුවිය. තවත් වරක් සටන් කිරීමට අවස්ථාවක් උදාවුවහොත් සම්පූර්ණයෙන්ම සහභාගී විය යුතු යැයි ආශාවෙන් සිටියේය. මේ අතර බලාපොරොත්තු නොවූ පරිදී උහද් සටන ඇතිවිය. එතුමා ඉතා වීරත්වයෙන් එයට සහභාගී විය.

උහද් සටනේදී පළමුවෙන් මුස්ලිම්වරුන්ට ජය අත්විය. අවසානයේදී වරදක් හේතුවෙන් මුස්ලිම් වරුන් පරාජයට පත්වූහ. එනම් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ  සහාබාවරුන් ටික දෙනෙකුව එක්තරා ස්ථානයක සිටිනා ලෙස පවසා " මෙම ස්ථානයෙන් සතුරන් අතුල්වී පහරදීමට හැකි නිසා මා කියන තුරු එම ස්ථානය හැර නොයා යුතු " යැයි අණ කළහ.

මුලින් මුස්ලිම්වරුන්ට ජය අත්වී කාෆිර්වරුන් පලායාමට පටන්ගත් විට මෙය දුටු මෙම ආරක්ෂක සේනාවේ සිටි ටිකදෙනා සටන අවසන් වූ බැවින් පලායන කාෆිර්වරුන්ව තවදුරටත් පළවාහැර ඔවුන් දමාගිය දේවල් ගැනීමේ අදහසින් තමන් සිටිතැන අත්හැර යුධ පිටියට පැමිණියහ. එම ආරක්ෂක සේනාවේ නායකයා ලෙස සිටි සහාබිවරයා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් පවසනතුරු එතැනින් ඉවත් නොවිය යුතු බව පවසා ඔවුන්ව එම ස්ථානයෙන් යෑම වැළැක් විය.


නමුත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාගේ අණ, සටන සිදුවන තුරු පමණක් යැයි සිතූ ඔව්හු එම ස්ථානය අත්හැර යුධ පිටියට පැමිණියහ. පලාගිය කාෆිර්වරුන් එම ස්ථානයේ කිසිවෙකු නැතිබව දැක එම මාර්ගයෙන් නැවත පැමිණ මුස්ලිම්වරුන්ට පහර දීමට පටන්ගත්හ.

හදිස්සියේ බලාපොරොත්තු නොවූ පරිදී සිදුවූ මෙම පහර දීමෙන් මුස්ලිම්වරුන් පරාජයට පත්වූහ. දෙපැත්තෙන්ම කාෆිර්වරුන්ට මැදිවූ මුස්ලිම්වරුන් කලබලයට පත්වී ඒ මේ අත විසිරී දුවන්නට පටන්ගත්හ. මේ අවස්ථාවේ අනස් ඉබ්නු නල්ර් රලියල්ලාහු අන්හු තුමා තමා ඉදිරියට පැමිණෙමින් සිටි ස:ද් ඉබ්නු මුආද් රලියල්ලාහු අන්හු තුමාට "ස:ද් කොහි යන්නෙහිද? අල්ලාහ් තආලාගේ නාමයෙන් දිව් රා කියමි. උහද් කඳු වැටියේ සිට ස්වර්ගයේ සුවඳ හමමින් තිබේ." යැයි පවසමින් කඩුව අමෝරා ගෙන කාෆිර්වරුන්ගේ සේනාව තුළට ඇතුල්වී වීර මරණය ලැබෙන තුරු ආපසු නොපැමිණියේය. වීර මරණය ලැබූ ඔහුගේ සිරුර සිදුරු වලින් පිරී තිබුණි. ඔහුගේ සිරුරේ කඩුවලින් හා ඊතල වලින් ලත් තුවාල අසූවකටත් අධික විය. ඔහුගේ සහෝදරිය ඇගිලි තුඩු මගින් ඔහුව හඳුනා ගත්තාය.

උගත යුතු පාඩම :-

කවරෙකු පිරිසිදු චේතනාවෙන් හා සත්‍ය උත්සාහයෙන් අල්ලාහු ත ආලාගේ දීනුල් ඉස්ලාමයේ කටයුතුවල නිරත වේද, ඔහුට මෙලොවේදීම ස්වර්ගයේ මිහිර දැනෙන්නට පටන් ගනියි. අනස් ඉබ්නු නල්ර් රලියල්ලාහු අන්හු තුමා මෙලොවේදීම ස්වර්ගයේ සුවඳ භුක්ති වින්දේය. "ස්වර්ගයේ වින්දනය මට දැනේ" යැයි මව්ලානා ශාහ් අබ්දුර් රහීම් රායිපුරි රහ්මතුල්ලාහි අලෙයිහිතුමා පැවසූ බව එතුමාගේ විශ්වාසවන්ත සේවකයෙකුගෙන් මම අසා ඇත්තෙමි.

No comments:

Post a Comment