Thursday, August 9, 2012

රමළාන් ( නෝන්බි ) උපවාසය


උපුටා ගැනීම :-

මහ පොත

කලා භූෂණ ආචාර්ය 

මව්ලවි එච්. සලාහුදීන් බාරි ඉමාම් 

හනෆි මස්ජිදය - නුවර




ඔබ සර්ව බලධාරි අල්ලාහ් දෙවියන් වහන්සේ කෙරෙහි පූර්ණ 

විශ්වාසයක් හා භක්තියක් ඇත්තෙක්ද, ඔබට රමළාන් ( නෝන්බි ) 

උපවාසය අනිවාර්ය කර ඇත. 

( අල්-කුරානය ) 

ඔබ රමළන් උපවාසයෙහි යෙදෙන්න. ඔබේ ශරීර සෞඛ්‍යය වඩාත් 

හිතකර වේ.

( නබි වදන් )

රමළාන් උපවාසය ඔබේ ශරීරයේ යෝග්‍ය පැවැත්මට කෙසේ යහපතක් 

වන්නේද? යැයි ඔබ ප්‍රශ්න කරන්නේද? විශේෂඥ ‍‍ෙවෙද්‍යවරුන්ගේ 

අදහස් කෙරෙහි ඔබේ අවධානය යොමු කරන්න. කර්මාන්ත ශාලාවල, 

වැඩපල්වල රැකියාවල යෙදී මහන්සිවී, අවිවේකීව සිටින කෙනෙකුට 

සුව නින්දක් ඇත්නම් ශරීරයේ අවයවයන් වලට කෙතරම් සහනයක් 

ලැබෙන්නේද? නිශ්චිත කාලයකට ආහාර නොගැනීම ශරීරයේ 

ඉන්ද්‍රියයන්ට මොනතරම් සුවයක්ද? ශරීරය නම්වූ යන්ත්‍රයට විවේකය 

අවශ්‍යයි.

( මෙඩිකල් සයන්ස් සගරාවෙන් )

නිරාහාරව සිටීම රමළාන් උපවාසය නොවේ. වට්ටෝරුවකට, 

ක්‍රමානුකූලව ආහාර ගැනීම සෞඛ්‍යයට හිතකරය. එවැන්නක් කළ 

යුත්තේ පිළිපැදිය යුත්තේ  විශේෂඥ ‍‍ෙවෙද්‍ය උපදෙස් මතය. රමළාන් 

උපවාසයද එවැන්නකි.

( වෙද්‍ය මතය )



රමළාන් උපවාසයෙහි යෙදෙන්නන් පළිපැදිය යුතු, ආරක්ෂා කළ 

යුතු අත්‍යාවශ්‍ය කරුණු



1. ඇස්     

2. කන්     

3. දිව   

4. බාහිර ඉන්ද්‍රියන්  

5. කුස පිරෙන්න ආහාර නොගැනීම  

6. මාගේ උපවාසය අල්ලාහ් පිළි නොගනීද ඇති බිය.



රමළාන් උපවාස නිසා කෙනෙකුට ලැබෙන ප්‍රථිඵලය


රමළාන් උපවාස නිසාඇතිවන ලැබෙන ප්‍රථිඵල ඉස්ලාම් ලබ්ධිකයන් 

ගැඹුරින් අධ්‍යයනය කර ඇත්නම් මුළු අවුරුද්ද පුරාම රමළාන් උපවාස 

ඇත්නම් කොපමණ යහපතක් වේවිද කියා සිතාවි.

( හදීස් ) 

එම්බල විශ්වාස කරන අයවලුනි! ඔබට පෙර විසූ අය කෙරෙහි උපවාසය 

පවරනු ලැබුවාක් මෙන්, ඔබ පාපයෙන් මුදවාගනු පිණිස ඔබ කෙරෙහිද 

උපවාසය පවරන ලදී.

( සූරතුල් බකරා - අල්-කුර්ආනය ) 

Tuesday, August 7, 2012

නබි (සල් ) තුමාණන් මි:රාජ් ගමනේදී දුටු නිරයෙහි වේදනා විඳින කාන්තාවන්.



උපුටා ගැනීම :-

මහ පොත

කලා භූෂණ ආචාර්ය 

මව්ලවි එච්. සලාහුදීන් බාරි ඉමාම්

හනෆි මස්ජිදය - නුවර



අලි (රලි ) අන්හු තුමා පවසයි,

දවසක් මම ෆාතිමා (රලි ) අන්හා තුමිය සමග නබි (සල්) තුමා හමුවට ගියෙමි. එවිට නබි (සල්) තුමා අඩමින් සිටියහ. හේතුව ඇසූ විට එතුමා මෙසේ කීහ. 


" මම මි:රාජ් ගොස් සිටියදී නිරයේ වේදනා විඳින කාන්තාවන් දුටුවෙමි. එසේ ඔවුන් වේදනා විඳීමට හේතුව කුමක්ද යන්නත් මම දැනගතිමි."


1. කාන්තාවක් තම හිසකෙස් වලින් ගැටගසා හිස පහතට දමා එල්ලා තිබිණ. ඉන් පහත දැල්වෙමින් තිබුණු ගින්නේ හේතුවෙන් මොලය දැවී වෑහෙමින් තිබිණ.

2. තවත් කාන්තාවකගේ දිව එලියට ඇද බැඳ එල්ලා තිබිණ. දෑත් පිටුපසින් බැඳ තිබිණ. ඇයගේ මේධය දියවී වෑහෙමින් තිබිණ.

3. තවත් කාන්තාවකගේ පයෝධර දෙක පිට පැත්තට බැඳ එල්ලා තිබිණ. ඇයගේ කටින් ඕජස වෑහෙමින් තිබිණ. 

4. තවත් කාන්තාවකගේ දෑත් හා දෙපය හිසකෙස් සමග එකට එක ගැට ගසා තිබිණ. සර්පයින් හා ගෝනුස්සන් වැනි විෂඝෝර සතුන් ඇයව දෂ්ඨ කරමින් සිටියේය.

5. තවත් කාන්තාවක් තම ශරීරය සපා කමින් සිටියේය.

6. තවත් කාන්තාවකගේ ශරීරය ගින්නෙන් වූ කතුරකින් කපා වෙන් කරමින් තිබිණ. 

7. වෙනත් කාන්තාවකගේ මුහුණ කළු පැහයට පත්වී තිබිණ. ඇය තම බඩවැල් ඇද කමින් සිටියාය.

8. තවත් කාන්තාවක් බිහිරිව, ඇස් අන්ධව, ගොළුව ගින්නෙන් වූ පෙට්ටියක දමා වසා සිටියාය. ඇගේ මොලය දියවී එම ඕජස නාසයෙන් පිටවෙමින් තිබිණ.

9. තවත් කාන්තාවකගේ හිස ඌරකුගේ හිසක් මෙන්ද, ශරීරය බූරුවකුගේ මෙන්ද විය. ඇයට වේදනාවන් රැසක් දෙමින් තිබිණ.

10. තවක් කාන්තාවක් සුනඛයෙකුගේ රුවෙන් සිටී. ඇගේ කටිනුත් ඉදිරිපස රහස් පෙදෙසෙනුත් සර්පයන් හා ගෝනුස්සන් වැනි විෂඝෝර සත්වයින් ගමන් කරමින් සිටියේය. මැලායිකාවරු ගින්නෙන් වූ ආයුධයකින් ඇයට පහර දෙමින් සිටියහ.

මෙවන් දඩුවම් ලැබීම සඳහා ඔවුන් කළ වැරදි මොනවාද යනු අප දැන ගැනීම ඉතා වැදගත්ය.

1. කොණ්ඩෙන් අල්ලා හිස පහතට එල්ලා බැඳ තැබූ කාන්තාව - ඇය අන්‍ය පිරිමින් ඉදිරියේ හිස නොවැසූ කාන්තාවකි.

2. දිව එළියට ගෙන බැඳ තබනු ලැබූ කාන්තාව - ඇය තම ස්වාමිපුරුෂයාට බැණ අපහාස කළ කාන්තාවකි. ( කවර කාන්තාවක් තම ස්වාමිපුරුෂයාට බැණ අපහාස කරන්නේ ද ඇයගේ දිව රියන් 70ක දිග තරමට ඇද ඇගේ බෙල්ලේ බඳිනු ලැබේ. කවර කාන්තාවක් තම ස්වාමිපුරුෂයා දෙස බලා " මම නුඹගෙන් ලබාගත් දෙයක් නැත" යනු කියන්නේද එවන් ඇය රාත්‍රිය පුරාම සිටගෙන දේව නැමදුම් කළත්, දිවා කාලයේ කොපමණ උපවාසයේ යෙදුණත් ඒවා පිළිගනු නොලැබේ. ඇගේ වසර 70ක යහපත් ක්‍රියා අල්ලාහ් තආලා විසින් විනාශ කරනු ලැබේ.)

3. පයෝධර දෙකම පිට පැත්තට එල්ලෙන ලෙස තබනු ලැබූ කාන්තාව - තම ස්වාමිපුරුෂයාගේ අනුමැතිය නැතිව අන්‍ය දරුවන්ට කිරිදුන් කෙනෙකි.

4. අත් පා නළල ලගින් වූ රෝම වලින් බැඳ එල්ලූ කාන්තාව - දේව නැමදුම හා උපවාසය කරන්න අවස්ථාව තිබියාදීත් එය නොකළ කෙනෙකි. තවද අනිවාර්ය නෑමක් අවශ්‍ය තිබියදීත් එය නොකළ කාන්තාවකි, තවද සැමියාගේ අවසර නොගෙන තම ගෙයින් පිටගිය කාන්තාවකි.

5. තම සිරුර සපා කමින් සිටි කාන්තාව - කේලම් කියමින් ඇවිද්ද කාන්තාවකි.

6. තම සිරුර ගින්නෙන් වූ කතුරෙන් කපනු ලැබූ කාන්තාව - අලංකාර ලෙස තම ශරීරය පිට අයට පෙන්වමින් ඇවිද්ද කාන්තාවකි.

7. තම මුහුණු කළුවී තම බඩවැල් විකන කාන්තාව - පිට අයගේ වැරදි සොයා ලෝකයාට ප්‍රසිද්ධ කළ කාන්තාවකි.

8. බිහිරි, අන්ධ හා ගොලු වූ කාන්තාව - කථා නොකළ යුතු දේ රස කර කථා කරමින් හා අන්‍ය පිරිමින් දැක බොරු කියමින් සිටි කාන්තාවකි.

9. ඌරාගේ හිස මෙන්ද බූරුවාගේ ශරීරය මෙන්ද සිටින කාන්තාව - ඕප දූප කථා කරමින්ද බොරු කියමින් ද ඇවිදින කෙනෙකු වූ කාන්තාවකි.

10. බල්ලෙකුගේ රූපයෙන් සිටින කාන්තාව - ප්‍රශ්න ඇති කරමින්ද  ස්වාමිපුරුෂයා සමග කෝපයෙන් කථා කරමින්ද වේශියක් ලෙසින් ද සිටි කාන්තාවකි.

යමක් හරිහැටි වටහා ගන්නා ඔබට මෙම කරුණු ප්‍රමාණවත්ය. දීර්ඝ ලෙස දේශනා කරනවාට වඩා නබි (සල් ) තුමා තම දෑසින් දුටු දේ බොහෝ දැනමුතුකම් අපට කියා දෙයි. අල්ලාහ් තආලා අප සියළු දෙනාගේම ගෞරවය ආරක්ෂා කරත්වා !


Friday, February 24, 2012

සහාබාවරුන් දීනුල් ඉස්ලාමය වෙනුවෙන් දුෂ්කරතා හා දුක් කරදර විඳ දරාගැනීම

උපුටා ගැනීම :-

සහාබාවරුන්ගේ චරිත
ශෙයිහුල් හදීස් මවුලානා
මුහම්මද් Zසකරියියා
(රහ්මතුල්ලාහි අලෙයිහී)


රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝද එතුමාණන්ගේ සහාබාවරුන්ද දීනුල් ඉස්ලාමය පැතිරවීමට බොහෝ දුෂ්කරතා හා දුක් කරදර විඳ  දරාගත්හ. එවැනි දුෂ්කරතා හා කරදර අප ඉවසා සිටීම කෙසේ වෙතත් ඒ පිළිබඳව දැන ගැනීමට පවා අප උත්සාහ කරන්නේ නැත. මෙවැනි සිද්ධීන් ඉතිහාස පොත්වල පිරී තිබේ. එලෙස ක්‍රියා කිරීම කෙසේ වෙතත් අඩු වශයෙන් ඒවා දැන ගැනීමට පවා අප උත්සාහ නොදරන්නෙමු.

මෙම පළමු පරිච්ඡේදයේ ආදර්ශයක් වශයෙන් සමහර සිද්ධීන් ලියා තිබේ. මුලින්ම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ සිද්ධීයකින් ආරම්භ කරන්නෙමි. මන්දයත් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් ගැන කීම බරකතයට හේතුවේ.


  1.  රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ තාඉෆ් ගමන
  2. අනස් ඉබ්නු නල්ර් රලියල්ලාහු අන්හු තුමාගේ වීර මරණය
  3. හුදෙයිබියා ගිවිසුම හා අබූ ජන්දල්, අබූ බෂීර් රලියල්ලාහු අන්හුමා යන සහාබාවරුන්ගේ වීර ක්‍රියාදහම
  4. බිලාල් රලියල්ලාහු අන්හුතුමා ඉස්ලාමය වැළඳ ගැනීම නිසා තිවූ දුෂ්කරතා
  5. අබූzසර් කිෆ්ෆාරි රලියල්ලාහු අන්හුතුමා  ඉස්ලාමය වැළඳ ගැනීම
  6. :හබ්බාබ්  රලියල්ලාහු අන්හුතුමා විඳින ලද දුෂ්කරතා
  7. අම්මාර්  රලියල්ලාහු අන්හුතුමා හා එතුමාගේ දෙමව්පියෝ
  8. ෂුඅයිබ් රලියල්ලාහු අන්හුතුමා  ඉස්ලාමය වැළඳ ගැනීම
  9. උමර්  රලියල්ලාහු අන්හුතුමා  ඉස්ලාමය වැළඳ ගැනීම හා එතුමාගේ සහෝදරිය වින්ද දුක් කරදර
  10. මුස්ලිම්වරුන් ඇබීසීනියාවට හිජ්රත් යාම හා ෂුඅබේ අබීතාලිබ් මිටියාවතේ සිර ගත වීම