08. ෂුඅයිබ් රලියල්ලාහු අන්හුතුමා ඉස්ලාමය වැළඳ ගැනීම

ෂුඅයිබ් රලියල්ලාහු අන්හුතුමා හා අම්මාර් රලියල්ලාහු අන්හුතුමා එකම අවස්ඨාවේදී ඉස්ලාමය වැළඳ ගත්හ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් අර්කම් රලියල්ලාහු අන්හු තුමාගේ නිවසේ සිටි කාලයේදී මෙම දෙදෙනා තනි තනිවම එහි ගියහ. දෙදෙනාම බලාපොරොත්තු නොවූ පරිදී එම නිවස ඉදිරියේදී හමුවූහ. දෙදෙනාම ඔවුනොවුන් පැමිණි අරමුණ ඇසූවිට ඉස්ලාමය වැළඳ ගැනීමට පැමිණි බව පැවසූහ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගෙන් ප්‍රයෝජන ලබා ගැනීම දෙදෙනාගේම අරමුණ වී තිබුණි. පසුව දෙදෙනාම එහිදී ඉස්ලාමය වැළඳගත්හ.


මෙසේ ඉස්ලාමය වැළඳ ගැනීම හේතුවෙන් එම කුඩා කණ්ඩායමට කුමන දුෂ්කරතා හා වේදනා ඇතිවුනේද, ඒ සියල්ල මොවුනට ඇතිවිය. නොයෙක් ආකාරයෙන් වේදනාවට ලක්කරනු ලැබුණි.  


අවසානයේදී කරදර ඉවසාගත නොහැකිව හිජ්රත් යෑමට අදහස් කළ විටද මොවුන් වෙන තැනකට ගොස් සැනසිල්ලෙන් ජීවත්වීමද, එම කාෆීර්වරු කැමති නොවූහ.කවරෙකු හෝ හිජ්රත් යෑමට උත්සාහ කරන බව දැනගත් විට ඔහුව අල්ලාගෙන ඒමටද තැත් කළහ.

මෙලෙස හිජ්රත් ගිය ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමාණන්ව අල්ලාගෙන ඒමටද, කණ්ඩායමක් පිටත්වූහ. එම කණ්ඩායම ළගාවූ විට ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා තම ඊතල පිරුණු කොපුව රැගෙන " මේ බලනු! මා ඔබ සියල්ලන්ටම වඩා ඊතල විදීමෙහි දක්ෂයෙකු බව නුඹලා දනිති.

" මා ළග එක් ඊතලයක් තිබෙන තුරු නුඹලා කිසිවෙකුට මා වෙත ළගාවිය  නොහැක. ඊතල සියල්ල අවසන් වූ පසු මාගේ කඩුවෙන් පහර දෙමි. කඩුවද මගේ අතෙන් ගිළිහී ගියවිට ඔබලාට කැමති දෙයක් කළ හැක"

" එසේ නොමැතිව මගේ ප්‍රාණය වෙනුවට මක්කාවේ තිබෙන මගේ වස්තූන්ද, වහලුන් දෙදෙනාද, ලබාගැනීමට නුඹලා කැමති නම් ඒවා තිබෙන තැන් මම දන්වන්නෙමි. ඒවා සියල්ල රැගෙන මාව අත්හරිණු" යැයි කීය. මෙයට ඔවුහු එකග වූහ. ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා තම වස්තු සියල්ල දී තම ප්‍රාණය බේරාගත්තේය. මේ පිළිබඳව අල්ලහ් තආලා ශුද්ධ කුර්ආනයේ: 


ومن الناس من يشر ي نفسه إ بثغا ء ةق ضا ث الله والله رؤوف با لعبا د

මිනිසුන්ගෙන් සමහරෙක් අල්ලාහ්ගේ තෘප්තිය පතා තම ( වස්තු සියල්ලදී ) ප්‍රාණය බේරා ගන්නා අයද සිටිති. " අල්ලාහ් ත ආලා ( තම ) ගැත්තන් කෙරෙහි බොහෝ කරුණාවන්තව සිටියි." ( සූරාහ් බකරා:207 ) යන ආයතය පහළ කළේය.

ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා හිජ්රත් ගියවිට රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් " කුබා " වෙහි සිටියහ. ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා දුටු විගස " ඔබ වාසිදායක වෙළඳාමක් කළේය " යැයි කීහ. ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා පවසයි " එම අවස්ථාවේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් රට ඉඳි කමින් සිටියහ. මගේ ඇසට වේදනාවක් ඇතිවී තිබුණි. මමද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන් සමග රට ඉඳි කෑමට පටන් ගත්තෙමි. එවිට එතුමාණන් " ඇස් රුදාව තිබියදීත් රට ඉඳි කන්නේද" යි ඇසූහ. එයට මම " යා රසූලුල්ලාහ්! කැක්කුම නැති පැත්තෙන් කන්නෙමි " යි කීවෙමි. මෙය ඇසූ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ සිනාසුණහ. 

ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා නොමසුරුව වියදම් කරන්නෙකුව සිටියේය. මේ සම්බන්ධයෙන් උමර් රලියල්ලාහු අන්හු තුමා " ඔබ අනවශ්‍ය ලෙස වියදම් කරන්නෙහිය. " යැයි කීවිට " මම අනවශ්‍ය ලෙස කිසිම වියදමක් නොකරමි " යි පිළිතුරු දුන්නේය.

 උමර් රලියල්ලාහු අන්හු තුමාගේ මරණාසන්න වේලාවේදී " මගේ ජනාසා සලාතය ෂුහෙයිබ් රලියල්ලාහු අන්හු තුමා විසින් ඉටු කළයුතු" යැයි වසියියත් කළේය.

No comments:

Post a Comment