01. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ගේ තාඉෆ් ගමන

රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණෝ එතුමාණන්ට නබිත්වය ලැබී වසර නවයක් වනතුරු මක්කා නගරයේම ඉස්ලාමය ප්‍රචාරය කරමින්, ජනයින්ගේ හිදායත් නම් යහමාර්ගයටත්, ඔවුන්ව නිවැරදි මගට යොමු කරවීමටත් උත්සාහ කරමින් සිටියහ.  නමුත් එතුමාණන්ට උදව්කළේ මුස්ලිම් වූ කුඩා පිරිසක් හා මුස්ලිම් නොවූ කිහිප දෙනෙකුත් පමණි.

මක්කා කාෆිර් වරුන්ගෙන් බොහෝ  දෙනෙකු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම් තුමාණන්ට හා එතුමාණන්ගේ සහාබාවරුන්ට නොයෙක් ආකාරයේ වධ හිංසා දෙමින් සිටියහ. එතුමාණන්ට අපහාස කළහ. කොපමණ දුක් කරදර දිය හැකිද ඒ සියල්ල නොසැලී දුන්හ.

මුස්ලිම් නොවී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන්ට උදව් කරමින් සිටි හොඳ හිත් ඇත්තන්ගෙන්, එතුමාණන්ගේ සුළු පියාණන් වූ අබූ තාලිබ්, සෑම ආකාරයකින්ම එතුමාට උදව් උපකාර කළේය. නබිත්වය ලැබී දසවන වසරේදී අබූ තාලිබ් මරණයට පත්වූ විට කාෆිර් වරුන්ට නිදහසේ නොයෙක් ආකාරයට ඉස්ලාමය වැළක්වීමටත්, මුස්ලිම්වරුන්ට වද හිංසා කිරීමටත් අවස්ථාවක් ලැබුණි.

නමුත් එම මිනිසුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන්ගේ ඉල්ලීම පිළිනොගත්තා පමණක් නොව, අරාබිවරුන් ආගන්තුකයින්ට සැලකීමෙහි ප්‍රසිද්ධියට පත්ව සිටියදීත් අළුත් ආගන්තුකයකු සමග හැසිරිය යුතු පිළිවෙලද නොසළකා දයාවක්, අනුකම්පාවක් නොමැතිව දරදඩු ලෙස ක්‍රියා කළහ. තවද රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන්, එහි රැඳි සිටීමද ඔව්හු අකමැති වූහ. කුමන නායකයින් යහපත් හා හොඳ ගති ගුණ ඇති අය වේ යැයි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන් සිතුවද, ඔවුන්ගෙන් කෙනෙක් " හෝ! හෝ! අල්ලාහ් තආලා නබි වරයෙකු ලෙස යවා තිබෙන්නේ ඔබවද? " යි ඇසුවේය. තවත් කෙනෙක්,  " දූතයෙකු ලෙස යැවීමට ඔබ හැර, අන් කිසිවෙකු අල්ලාහ් තආලාට නොලබුනේද? යයි ඇසීය. තුන්වැන්නා, " මා ඔබ සමග කථා කිරීමට කැමති නොවෙමි. ඔබ ඇත්ත වශයෙන්ම නබිවරයෙකු නම් ඔබගේ කීම ප්‍රතික්ෂේප කිරීම මට විශාල විපතක් වනු ඇත. නැතහොත්  ඔබගේ කීම බොරුනම්, එවැනි බොරුකාරයෙකු සමග කතා කිරීමට මා කැමති නොවෙමි." කීවේය.

ඔවුන් මෙසේ කී පසු ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසය අහිමි වූ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණෝ අධිෂ්ඨාන්යෙන් හා තනිව සිට ක්‍රියා කිරීමෙහි නොසැලී සිටි නිසා, අන් අය සමග කතා කිරීමට සිතූහ. නමුත් ඔවුන්ගෙන් කිසිවෙකු එතුමාණන්ගේ කීම පිළි නොගත්හ. එපමණක් නොව, වහාම අපගේ ගම අතහැර ඔබ කැමති තැනකට යන ලෙස කීහ. රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණෝ ඔවුන් කෙරෙහි තිබූ විශ්වාසයද නැතිවී ආපසු ඒමට පටන් ගත් විට එම ගම් වාසීන් කුඩා ළමුන් පොළඹවා එතුමාණන්ට අපහාස කර අත්පුඩි ගසා ගල් මුල් වලින්ද පහර දුන්හ. මේ නිසා එතුමාණන්ගේ ශුද්ධ වූ සිරුරෙන් ගැලුණු ලේ වලින් එතුමාණන්ගේ පාවහන් දෙකම රත් පැහැ විය.නබි තුමාණෝ එම පව්කාරයින්ගෙන් බේරී ආරක්ෂා සහිත තැනකට පමිණ පහත සඳහන් පරිදී " දුආ" ප්‍රාර්ථනා කළහ.


යා අල්ලාහ්! මාගේ දුර්වලතාවයද, මාගේ නොහැකියාවද, මිනිසුන් අතර අපහාසයට ලක්වීමද, නුඹ වෙතම පවසන්නෙමි. කරුණාවන්තයින් සියල්ලන්ගේම මහා කරුණාවන්තයාණෙනි ! අසරණයන්ගේ රක්ෂකයාණන්ද නුඹමය. මාගේ රක්ෂකයාණන්ද නුඹමය. නුඹ මාව පවරන්නේ කාවෙතද ? මා දැක පිළිකුල් කරන අන්‍යයන් වෙතද? මාගේ කටයුතු පවරා තිබෙන සතුරෙකු වෙතද ?  නුඹ මා කෙරෙහි කෝප නොවන්නේ නම් මම ඒ කිසිවක් නොසලකමි. නමුත් නුඹ පිරිනමන සතුට මට ප්‍රමාණවත්ය. දෙලොවේම දීප්තිමත් නුඹගේ සත්‍යතාව යේ ආලෝකයේ පිහිටෙන්, නුඹේ කෝපය හා කළකිරීම මා වෙත ඇති නොවීමට ආරක්ෂාව පතමි. නුඹගේ තෘප්තිය ලැබෙන තුරු, නුඹේ කළකිරීම මට ඇති නොවිය යුතුය. වෙනසක් හා ශක්තියක් උදා වන්නේ නුඹ මගින්මය.


රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන් මෙම ප්‍රාර්ථනාව කළ විගසම රජුන්ගෙත් රජු වන අල්ලාහ් ත ආලාගේ සියල්ල යටත් කර පාලනය කිරීමේ ශක්තිය ඉස්මතුවූ නිසා ජිබ් රීල් අලෙයිහිස්සලාම් තුමා රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන් ඉදිරියට පැමිණ සලාම් කීමෙන් අනතුරුව, නබිතුමා අමතා,

" ඔබ ඔබගේ ජනයින් සමග කළ කතාද, ඔවුන්ගේ පිළිතුරුද අල්ලාහ් ත ආලා අසා සිටියේය. කඳු වලට භාරව සිටින මලක්වරයෙකු ඔබ වෙත එවා ඇත. ඔබ කැමති දෙයක් ඔහුට අණ කරන්න." යයි කීය.

පසුව කඳු වලට භාරව සිටින එම මලක්වරයා පැමිණ, සලාම් පවසා, " ඔබතුමාගේ අණ ඉටු කරන්නෙමි: ඔබ අණ කළහොත්, මේ ගමේ දෙපැත්තේ තිබෙන කඳු එකිනෙකට යා කොට, ඒ අතර මොවුන් සියල්ලම තෙරපී විනාශ වී යාමට සලස්වන්නෙමි : නැතහොත් ඔබ පවසන වෙනත් ආකාරයක දඩුවම් ද ඉටුකරමි. 

එවිට, කරුණාවෙන් පිරුණු රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණෝ " මොවුන් ඉස්ලාමය වැළඳ නොගත්තද, මොවුන්ගේ පරම්පරාවෙන් අල්ලාහ් ත ආලාට කීකරුවන අය බිහිවණු ඇතැයි අල්ලාහ් ත ආලා කෙරෙහි මා විශ්වාස තබමි" යැයි පිළිතුරු දුන්හ.

උගත යුතු පාඩම :-

කුමන නබි වරයාගේ නම අප කියා ගන්නෙමුද එම නබිතුමාණන්ගේ යහපත් ගතිගුණ මෙය වේ. අපට පොඩි කරදරයක් ඇතිවූ විට හෝ නැතිනම් යම් කිසිවෙකු මඳක් බැන වැදුනේ නම් එයට පළි ගන්නාතුරු මුළු ජීවිතය පුරා අපගේ වයිරය තුරන් නොවේ. ඔහුට අපරාධ පිට අපරාධ කරමින් සිටින්නෙමු. මේ තත්වයෙන් අප රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන්ගේ උම්මත්වරුන් යැයිද, එතුමණන්ව අනුගමනය කරන්නන් යැයිද කියා ගනිමු. මෙපමණ බලවත් දුෂ්කරතා වලට හා කරදර වලට මුහුණ දුන් රසූලුල්ලාහි සල්ලල්ලාහු අලෙයිහිවසල්ලම්  තුමාණන් කිසිවකුට ශාප කළේද නැත. කිසිවකුගෙන් පළිගැනීමට සිතුවේද නැත.





No comments:

Post a Comment