Tuesday, August 7, 2012

නබි (සල් ) තුමාණන් මි:රාජ් ගමනේදී දුටු නිරයෙහි වේදනා විඳින කාන්තාවන්.



උපුටා ගැනීම :-

මහ පොත

කලා භූෂණ ආචාර්ය 

මව්ලවි එච්. සලාහුදීන් බාරි ඉමාම්

හනෆි මස්ජිදය - නුවර



අලි (රලි ) අන්හු තුමා පවසයි,

දවසක් මම ෆාතිමා (රලි ) අන්හා තුමිය සමග නබි (සල්) තුමා හමුවට ගියෙමි. එවිට නබි (සල්) තුමා අඩමින් සිටියහ. හේතුව ඇසූ විට එතුමා මෙසේ කීහ. 


" මම මි:රාජ් ගොස් සිටියදී නිරයේ වේදනා විඳින කාන්තාවන් දුටුවෙමි. එසේ ඔවුන් වේදනා විඳීමට හේතුව කුමක්ද යන්නත් මම දැනගතිමි."


1. කාන්තාවක් තම හිසකෙස් වලින් ගැටගසා හිස පහතට දමා එල්ලා තිබිණ. ඉන් පහත දැල්වෙමින් තිබුණු ගින්නේ හේතුවෙන් මොලය දැවී වෑහෙමින් තිබිණ.

2. තවත් කාන්තාවකගේ දිව එලියට ඇද බැඳ එල්ලා තිබිණ. දෑත් පිටුපසින් බැඳ තිබිණ. ඇයගේ මේධය දියවී වෑහෙමින් තිබිණ.

3. තවත් කාන්තාවකගේ පයෝධර දෙක පිට පැත්තට බැඳ එල්ලා තිබිණ. ඇයගේ කටින් ඕජස වෑහෙමින් තිබිණ. 

4. තවත් කාන්තාවකගේ දෑත් හා දෙපය හිසකෙස් සමග එකට එක ගැට ගසා තිබිණ. සර්පයින් හා ගෝනුස්සන් වැනි විෂඝෝර සතුන් ඇයව දෂ්ඨ කරමින් සිටියේය.

5. තවත් කාන්තාවක් තම ශරීරය සපා කමින් සිටියේය.

6. තවත් කාන්තාවකගේ ශරීරය ගින්නෙන් වූ කතුරකින් කපා වෙන් කරමින් තිබිණ. 

7. වෙනත් කාන්තාවකගේ මුහුණ කළු පැහයට පත්වී තිබිණ. ඇය තම බඩවැල් ඇද කමින් සිටියාය.

8. තවත් කාන්තාවක් බිහිරිව, ඇස් අන්ධව, ගොළුව ගින්නෙන් වූ පෙට්ටියක දමා වසා සිටියාය. ඇගේ මොලය දියවී එම ඕජස නාසයෙන් පිටවෙමින් තිබිණ.

9. තවත් කාන්තාවකගේ හිස ඌරකුගේ හිසක් මෙන්ද, ශරීරය බූරුවකුගේ මෙන්ද විය. ඇයට වේදනාවන් රැසක් දෙමින් තිබිණ.

10. තවක් කාන්තාවක් සුනඛයෙකුගේ රුවෙන් සිටී. ඇගේ කටිනුත් ඉදිරිපස රහස් පෙදෙසෙනුත් සර්පයන් හා ගෝනුස්සන් වැනි විෂඝෝර සත්වයින් ගමන් කරමින් සිටියේය. මැලායිකාවරු ගින්නෙන් වූ ආයුධයකින් ඇයට පහර දෙමින් සිටියහ.

මෙවන් දඩුවම් ලැබීම සඳහා ඔවුන් කළ වැරදි මොනවාද යනු අප දැන ගැනීම ඉතා වැදගත්ය.

1. කොණ්ඩෙන් අල්ලා හිස පහතට එල්ලා බැඳ තැබූ කාන්තාව - ඇය අන්‍ය පිරිමින් ඉදිරියේ හිස නොවැසූ කාන්තාවකි.

2. දිව එළියට ගෙන බැඳ තබනු ලැබූ කාන්තාව - ඇය තම ස්වාමිපුරුෂයාට බැණ අපහාස කළ කාන්තාවකි. ( කවර කාන්තාවක් තම ස්වාමිපුරුෂයාට බැණ අපහාස කරන්නේ ද ඇයගේ දිව රියන් 70ක දිග තරමට ඇද ඇගේ බෙල්ලේ බඳිනු ලැබේ. කවර කාන්තාවක් තම ස්වාමිපුරුෂයා දෙස බලා " මම නුඹගෙන් ලබාගත් දෙයක් නැත" යනු කියන්නේද එවන් ඇය රාත්‍රිය පුරාම සිටගෙන දේව නැමදුම් කළත්, දිවා කාලයේ කොපමණ උපවාසයේ යෙදුණත් ඒවා පිළිගනු නොලැබේ. ඇගේ වසර 70ක යහපත් ක්‍රියා අල්ලාහ් තආලා විසින් විනාශ කරනු ලැබේ.)

3. පයෝධර දෙකම පිට පැත්තට එල්ලෙන ලෙස තබනු ලැබූ කාන්තාව - තම ස්වාමිපුරුෂයාගේ අනුමැතිය නැතිව අන්‍ය දරුවන්ට කිරිදුන් කෙනෙකි.

4. අත් පා නළල ලගින් වූ රෝම වලින් බැඳ එල්ලූ කාන්තාව - දේව නැමදුම හා උපවාසය කරන්න අවස්ථාව තිබියාදීත් එය නොකළ කෙනෙකි. තවද අනිවාර්ය නෑමක් අවශ්‍ය තිබියදීත් එය නොකළ කාන්තාවකි, තවද සැමියාගේ අවසර නොගෙන තම ගෙයින් පිටගිය කාන්තාවකි.

5. තම සිරුර සපා කමින් සිටි කාන්තාව - කේලම් කියමින් ඇවිද්ද කාන්තාවකි.

6. තම සිරුර ගින්නෙන් වූ කතුරෙන් කපනු ලැබූ කාන්තාව - අලංකාර ලෙස තම ශරීරය පිට අයට පෙන්වමින් ඇවිද්ද කාන්තාවකි.

7. තම මුහුණු කළුවී තම බඩවැල් විකන කාන්තාව - පිට අයගේ වැරදි සොයා ලෝකයාට ප්‍රසිද්ධ කළ කාන්තාවකි.

8. බිහිරි, අන්ධ හා ගොලු වූ කාන්තාව - කථා නොකළ යුතු දේ රස කර කථා කරමින් හා අන්‍ය පිරිමින් දැක බොරු කියමින් සිටි කාන්තාවකි.

9. ඌරාගේ හිස මෙන්ද බූරුවාගේ ශරීරය මෙන්ද සිටින කාන්තාව - ඕප දූප කථා කරමින්ද බොරු කියමින් ද ඇවිදින කෙනෙකු වූ කාන්තාවකි.

10. බල්ලෙකුගේ රූපයෙන් සිටින කාන්තාව - ප්‍රශ්න ඇති කරමින්ද  ස්වාමිපුරුෂයා සමග කෝපයෙන් කථා කරමින්ද වේශියක් ලෙසින් ද සිටි කාන්තාවකි.

යමක් හරිහැටි වටහා ගන්නා ඔබට මෙම කරුණු ප්‍රමාණවත්ය. දීර්ඝ ලෙස දේශනා කරනවාට වඩා නබි (සල් ) තුමා තම දෑසින් දුටු දේ බොහෝ දැනමුතුකම් අපට කියා දෙයි. අල්ලාහ් තආලා අප සියළු දෙනාගේම ගෞරවය ආරක්ෂා කරත්වා !


No comments:

Post a Comment